ත්‍රිකුණාමලයේ නොර්වේ දූපත හා පරවි දූපතට ඔබ්බෙන් වූ නිලාවේලි මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව නොර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවරයින් 07 දෙනෙකු සහ නිලාවේලි මුහුදු ප්‍රදේශයේදී ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කරයි.
එහිදි එම ධීවරයින් සතුව තිබූ ඩිංගි යාත්‍රා දෙකක් තහනම් දැල් නාවික හමුදාව භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ එම භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදුන් දී තිබේ.