විශේෂ රථ වාහන මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මකයි..

මාර්ග විනය පවත්වා ගනිමින් රථ වාහන අනතුරු වලක්වා ගැනීම සදහා පැවති විශේෂ රථ වාහන මෙහෙයුම තවදුරටත් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

රථ වාහන ගමනාගමනය විධිමත්ව නොපැවතීම නිසා කොළඹ නාගරික සීමාව තුළ ප්‍රධාන මාර්ග ආශිතව මාර්ග තදබදය පැවතීමට ප්‍රධානතම හේතුව බවත් මේ හේතුව නිසා මහජනතාව මෙන්ම පදිකයින්ද විශාල ගැටථ රැසකට මුහුණ දෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර සිටියි.

ඒ හේතුවෙන් රථ වාහන නීති කඩ කරන පුද්ගලයින් හට නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව පසුගිය 12 දින සිට 16 දින දක්වා සිදුකරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම් මඟින් රථ වාහන වැරදි 9130ක් සඳහා නඩු පවරා ඇති අතර ඒ අතරින් මංතීරු නීතිය උල්ලංඝණය කිරීමේ වරදට 7456ක් නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top