මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට හේතුව අපරාධකරුවන්ව බේරා ගැනීමට තැත් කිරීමය – සුමන්දිරන්

උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා අපරාධකරුවන්ව බේරා ගැනීමට තැත් කිරීම හේතුවෙන් තමිලරසු පක්‍ෂයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ට මහ ඇමැතිවරයා කෙරෙහි විශ්වාසය බිඳවැටී ඇති බවත්, වංචා දූෂණවලට එරෙහිව අපගේ දැඩි ක්‍රියාමාර්ගය තමයි මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට හේතුවක් වූ බව පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා පවසයි.

උතුරු පළාත් සභාවේ ඇති වී තිබෙන තත්වය ගැන පුවත් නිවේදනයක් නිකුත් කරමින් සුමන්දිරන් මහතා මේ බව පවසා තිබේ.

මහ ඇමැතිවරයා විසින් වංචා දූෂණ ක්‍රියාවලට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග අප විසින් බාධා කරන බවට එල්ලවන චෝදනාව තරයෙන් ප්‍රතික්‍ෂේප කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top