කින්නියා පොලිස් ස්ථානයේ පැවැති ඉෆ්තාර් වැඩසටහන

කින්නියා පොලිස් ස්ථානයේ අද (18) දින රාමසාන් ඉෆ්තාර් වැඩසටහනක් පැවැත්වුණි. කින්නියා පොලිස් ස්ථානාධිපති විජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට කින්නියා නගර සභාවේ හිටපු සභාපති හිල්මි මහ්රූෆ්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස් අධ්‍යක්‍ෂකරයා, සීනක්කුඩා, මූතූර්, සහ සාම්පූර් පොලිස් නිළධාරිවරුන්, කින්නියා උලමා සභාව, පොදු ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

ජාතීන් අතර වූ සමඟිය හා සංහිඳියාව සනිටුවන් කරමින් මෙම ඉෆ්තාර් වැඩසටහන පවත්වා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top