හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 500කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවෙකු බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. හෙරොයින් ග්‍රෑම් 539යි මිලිග්‍රෑම් 900ක් සමග මෙමසැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදීයි.

සැකකරු අවුරුදු 33ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සදහන් කළා. මාලිගකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතයි. බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top