ගීතාගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබන්නේ නැති බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය ගොනු කළ පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

අදාළ අභියාචනා පෙත්සම වගඋත්තරකරුවන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්නම විභාග කිරීමට නියමිතය.

ගීතා කුමාරසිංහගේ අභියාචනා පෙත්සම සැප්තැම්බර් 25වනදා විභාගයට ගැනීමට දින තීන්දු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top