පරීක්ෂණ අවසන් කළ ලිපි ගොනු 75ක් නීතිපති දෙපාර්තමේන්තුවට

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ අවසන් කළ ලිපි ගොනු 75ක් මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ එම ලිපිගොනු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කඩිනමින් අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ය.

මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකළ පරීක්ෂණවලට අදාළව සිද්ධි 15කට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇති බවත් ඇතැම් පරීක්ෂණ වාර්තා ඉතා දිගු වීම හේතුවෙන් අධි චෝදනා ගොනු කිරීම ප්‍රමාද වන බවත් නීතිපතිවරයා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top