ඥානසාර හිමි යළි අත්අඩංගුවට යළිත් ඇප

අධිකරණයට භාරවූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට භාරවීමෙන් පසු ඇප ලබාදුන්නද අත්‍යාව්‍ය ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා උන්වහන්සේව රැගෙන ගිය සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අදාළ ප්‍රකාශයෙන් පසු උන්වහන්සේව අත්අඩංගුවට ගෙන නැවත  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අවස්ථාවේ නැවතත් ඇප ලබාදීමට අධිකරණය කටයුතු කර ඇති නමුත් ඥාණසාර හිමි ගැන පොලීසිය ඉදිරිපත් කළ බී වාර්තාවෙන් උන්වහන්සේට දැඩි චෝදනා එල්ල කර තිබියදී ඇප ලබා දීමට විරුද්ධ නොවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලීසිය දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top