චෝදනා ලැබූ අමාත්‍යවරුන්ගේ අමාත්‍ය ධුර 2ක උතුරු මහ ඇමති යටතට

උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යංශ එහි ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යටතට ගෙන තිබේ.

ඒ අනුව ප්‍රධාන අමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ප්‍රධාන අමාත්‍යවරයා මෙම අමාත්‍යංශ දෙක තමන් යටතට පවරා ගනු ලැබුවේ, එම අමාත්‍යංශ දෙක භාරව සිටි පළාත් අමාත්‍යවරුන් වන පී. අයින්ගරනේෂන් සහ ටී. ගුරුකුලරාසා යන මහත්වරුන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වීමෙන් පසුව ඔවුන් එම ධුරවලින් ඉවත්වීම හේතුවෙනි.

ඔවුන් අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් වූයේ, සී.වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා පළත් සභාවේදී කළ දැනුම්දීමකට අනුවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top