පොලිස් ප්‍රහාරයට එරෙහිව වෛද්‍යවරු වැඩ වර්ජනයක

මාලඹේ සයිටම් ආයතනය වසා දමන ලෙස ආණ්ඩුවට බලකරමින් ඊයේ (22) පැවති සිසු පෙලපාලිය අතරු තුර එම සිසුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ආණ්ඩුව සිදු කළ ම්ලේච්ච ප්‍රහාරයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය ඇතුළු වෛද්‍ය සංගම් රැසක් අද (22) පෙරවරු 8.00සිට  පැය 24ක වැඩ වර්ජනයක් ආර්ම්භ කර තිබේ.

වැඩ වර්ජනය පැවැතියද ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද වෛද්‍යවරු පවසති.

උක්ත පොලිස් ප්‍රහාරයෙන් සිසු සිසුවියෝ 90කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා රෝහල් ගත කර සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top