ජයලලිතාගේ වගකීම් සියල්ල පන්නීර්සෙල්වම්ට – මධ්‍යම අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට වාර්තා කරයි..

පන්නීර්සෙල්වම්තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා යටතේ තිබූ ධූරයන් සියල්ල මුදල් ඇමැති ඕ. පන්නීර්සෙල්වම් මහතා වෙත භාරදී තිබීම ගැන තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර් රාව් මහතා, ඉන්දිය මධ්‍යම රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙත වාර්තා කර තිබේ. පසුගිය 22 වනදා සිට තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් ඇය යටතේ තිබූ ආරක්‍ෂ අංශය ඇතුළු සියළු ධූරයන් පසුගිය අඟහරුවාදා දින සිට පන්නීර්සෙල්වම් වෙත වෙන් කෙරුණි.

ජයලලිතාගේ ඉල්ලීමට අනුව මෙලෙස සිය වගකීම් සියල්ල පන්නීර්සෙල්වම් වෙත ලබාදී ඇති බවට ආණ්ඩුකාර මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණි.

මෙවැනි තත්වයකදී, මේ පිළිබඳව තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් නිළ වශයෙන් මධ්‍යම රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. පසුගිය 13 වන දින එම වාර්තාව ඉදිරිපත් කළ බවට ආණ්ඩුකාර මන්දිරයේ ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top