යාපනය ඉලවාලයි ප්‍රදේශයෙන් රු. මිලියන 20ක් වටිනා ගංජා තොගයක් සොයා ගනී..

ganjaයාපනය ඉලවාලයි මුහුදු තීරයෙන් රුපියල් මිලියන 20ක් වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 130ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඉන්දියාවේ සිට මාදකල් ප්‍රදේශය හරහා ගංජා ජාවාරමකම් සිදුවන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව මෙම ගංජා තොගය සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්‍ධ සැකකරුවන් පලා ගොස් ඇති අතර කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත, ගංජා තොගය ඉලවාලයි පොලිස් භාරයට ගෙන තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top