වර්ජනය මඟින් රට අස්ථාවර කිරීමට ඇතමුන් උත්සහ කරනවා – සජිත් ප්‍රේමදාස

මිනිස් ජීවිතවල වටිනාකම නොතකා වර්ජන තුළින් රට අස්ථාවර කිරීමට ඇතැම් කුමන්ත්‍රණකාරී පිරිස් උත්සාහ දරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

හම්බන්තොට මානජ්ජාව ප්‍රදේශයේ ඉදිකෙරුණු සඳපහනගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. ජාතික නිවාස දිනයට සමගාමීව යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු තිස් වන උදා ගම්මානය මෙයයි.

නිවාස 26කින් සමන්විත ගම්මානය ජලය, විදුලිය, අභ්‍යන්තර මාර්ග ඇතුලු සියලු පහසුකම්වලින් සමන්විතයි. එහි ඉදිකිරීම් සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 609ක්. ජාතික නිවාස දිනය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම හා සෙවණ ලොතරැයිය ජනගත කිරීම ද මෙහිදී සිදුකෙරුණා.

මීට සමගාමීව ප්‍රදේශයේ පවුල් 300කට රුපියල් ලක්‍ෂ 300ක් වටිනා විසිරි නිවාස ණය ප්‍රදානයක් ද සිදුකෙරුණා. ශිල්ප සවිය වැඩසටහන යටතේ තරුණ තරුණියන් 269 දෙනෙකුට වෘත්තීය උපකරණ කට්ටල හා නිල ඇඳුම් ප්‍රදානය ඇතුලු වැඩසටහන් රැසක් ද මෙහිදී ක්‍රියාත්මක කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top