පාකිස්තානයේ සිඳුවූ අනතුරකින් සියයට අධික පිරිසක් ජිවිතක්‍ෂයට

පකිස්ථානයේ බහාවල්පුර් හි අධිවේගී මාර්ගයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 123 කට අධික පිරිසක් මියගොස් 40 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යතුරුපැදි සහ මෝටර් රථ 80 කට පමණ මෙම ගින්නෙන් විශාල හානියක් සිදුව ඇති අතර පෙරලී ගිය ඉන්ධන රථයෙන් ඉන්ධන ලබා ගැනීමට ගිය පිරිසකටද හානි සිදුවී ඇත. අනතුර අවට සිටි පිරිස් විසින් දුම්පානය කර තිබීම මෙම ගින්න ඇතිවීමට හේතුවී ඇති බවට ඇතැමුන් අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top