පළාත් සභා මන්ත්‍රී අරියරත්නම්ට එරෙහිව පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී දරන්ගෙන් පැමිණිල්ලක්

පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රීදරන් මහතාගේ නිල ලිපි ආකෘතිය සහ ධූර ලාංජනය ද යොදා ඔහු විසින් මහ ඇමැතිවරයා වෙත ලිපියක් යැවූ බවට කූට ලිපියක් යවා ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ සෙනසුරාදා දින කිලිනොච්චිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ ඉකුත් පැමිණිල්ලේදී ෆේස්බුක් ගිණුම් 16ක් සහ වෙබ් අඩවි කිහිපයක් ගැන ද පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලදී පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී දරන් මහතා තම පක්‍ෂයෙව් කිලිනොච්චිය උතුරු පළාත් සභා මන්ත්‍රී පසුපදි අරියරත්නම්ට එරෙහිව ද පැමිණිළි කර තිබේ. පළාත් සභා මන්ත්‍රීවරයා තම ෆේස්බුක් පිටුවේ ඉකුත් ලිපිය පළ කර තිබීම සම්බන්‍ධයෙන් පැමිණිළි කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top