හෙට සිට පිරිසිදු කිරීමේ සති දෙකක්..

ඩෙංගු වසංගතය පාලනය කරීමේ අරමුණින් හෙට (28) දින සිට සති දෙකක කාලයක් පිරිසුදු කිරීමේ දෙසතිය ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම පිරිසුදු කිරීමේ වැඩපිළිවල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.

පවතින වැසි කාලගුණ තත්වය සමඟ ඉහළ යා හැකි ඩෙංගු වසංගතය අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කරන බවත්, මේ සඳහා සිවිල් ආරක්‍ෂක සෙබළුන් ද යෙදවීමට පියවර ගෙන ඇති බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top