විග්නේෂ්වරන් හා සම්බන්ධන් අතර සාකච්ඡාවක්

උතුරු පළාතේ කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යධූර පිරිනැමීම සම්බන්ධයෙන් ටී.එන්.ඒ. පක්ෂ නායකයන් , ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සතිය තුළ අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

උතුරු පළාත් කෘෂිකර්ම අමත්‍යධූරය දැරූ අයින්ගරනේෂන් සහ අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ කුරුකුලරාජා යන මහත්වරුන්ට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් ඔවුන් එම ධූරවලින් ඉවත් කිරීමට ප්‍රධාන අමාත්‍යවරයා පියවර ගත්තේය.

ඒ අනුව අදාළ අමාත්‍යාංශ දෙක ප්‍රධාන අමාත්‍යවරයා යටතට පවරා ගත් අතර එය වෙනත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වෙත ලබා දීමට මේ වන විට තීරණය වී තිබේ.

ඒ අනුව එම අමාත්‍යධූර පිරිනමනු ලබන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top