මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් සහ ඊට සහාය පළ කරමින් අද (27) දිනය තුළ කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර අැති බව වාර්තා වේ. කුරුඳුවත්ත පොලිස් ස්ථානය විසින් අධිකරණය වෙත ගොනු කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර අැත.