මහ ඇමැතිගේ පරික්‍ෂණයට සහාය දෙන්නේ නෑ – උතුරු පළාත් අමාත්‍යරුන්

උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් පත්කරන පරික්‍ෂණ කමිටුවේ විභාගවලට සහාය ලබා නොදෙන බව උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති සහ ධීවර කර්මාන්ත ඇමැති පැවැසූ බවට යාපනයේ පුවත්පතක් සඳහන් කරයි.

මහ ඇමැතිවරයාට අමාත්‍යවරුන් පත්කිරීමේ බලයක් නොමැති අතර, මහ ඇමැතිවරයා විසින් පත්කරන පරීක්‍ෂණ කමිටුවට කිසිඳු නීතිමය බලයක් නොමැති හෙයින් එයට සහය ලබා නොදෙන බවද ඔවුන් පවසා තිබේ.

නීතියට අනුව ස්වාධීන කමිටුවක් පත්කර එමඟින් විභාග කටයුත සිදු කරන්නේ නම් එයට සහාය ලබාදීමට තමන් සූදානම් බවට එම අමාත්‍යවරුන් පවසා ඇතැයි එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top