යාපනයේ ජනතාවගේ ශරීරයේ බෞද්ධ හිමිවරුන්ගේ ලේ!

මින්පසු යාපනයේ ජනතාවගේ ශරීරයේ දුවන්නේ බෞද්ධ හිමිවරුන්ගේ ලේ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. ඊයේ (26) දින යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා වෘතිය පුහුණු අධිකාරිය විසින් පවත්වන ලද එන්.වි.කියු. පුහුණුව නිම කළ සිසුන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගිවෙමින් ආණ්ඩුකාරවරයා මේ බව පවසා සිටියේය.

මෑතකදී යාපනයට පැමිණි බෞද්ධ හිමිවරුන් යාපනය රෝහලට පැමිණ ලේ දන්දීමක් සිදුකර තිබුණි. එමෙන් මින්පසු ප්‍රතිකාර ලබා ගන්නා යාපනයේ ජනතාවගේ ශරීරයේ බෞද්ධ හිමිවරුන්ගේ ලේ තිබෙනු ඇතැයි හෙතෙම පැවැසීය.

තවද උතුරු පළාත් මහ ඇමැතිවරයා තම දරුවන් දෙදෙනා සිංහල ජාතිකයන්ට විවාහ කරදී ඔවුන්ගේ නිවසේ ඔවුන් සතුටින් ජීවත්වන බවත්, එලෙස අපි ද ජාති ආගම් භේදයකින් තොරව සියළු දෙනාම එකමුතුවෙන් ජීවත්විය යුතු යැයි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

පසුගිය දින කිහිපයකට පෙර දකුණේ සිට පැමිණි බෞද්ධ හිමිවරුන් යාපනය රෝහලේ ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වා තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top