තැපැල් වර්ජනය අදත්..

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (28) දෙවන දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසුවේ දිවයින පුරා ප්‍රධාන තැපැල් කාර්යාල 653ක හා උප තැපැල් කාර්යාල 3,400කට අධික ප්‍රමාණයක මේ වනවිට වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවය.

නුවරඑළිය, මහනුවර සහ ගාල්ල කොටුව තැපැල් කාර්යාල ඉවත් කර සංචාරක හෝටල් ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය වහාම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සමග ලංකා තැපැල් සේවා සංගමයද එක් වී සිටින බව ජගත මහින්ද මහතා වැඩදිරටත් පැවසී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top