උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල විරෝධතාවක්!

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් ඒ අවට නිවාස වලට සිදුවන දැඩි හානිය සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පවසා බණ්ඩාරවෙල නගරයේ කඩ සාප්පු වසා දමා ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වළක්වා ගැනීම, උමගේ ඉදිරි කැනීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සඳහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සඳහා රජයේ අවධානය දිනා ගැනීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව සදහන්.

මෙම විරෝධතාවය හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ පාසල් සිසුන්, පාසල් වෙත පැමිණීම ඉතා පහත මට්ටමක පවතින අතර පාසල් වෑන් මගින් ද, පුද්ගලික බස් රථ මගින් ද සිසුන් ප්‍ර‍වාහනය නොකරන බව ඊයේ (27) දිනයේ නිවේදනය කර තිබී අැත.

මේත් සමගම එම ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ ධාවනය නොවන බැවින් නගරයේ ගමනාගමන කටයුතු ද ඇනහිට ඇත.මීට අමතරව බිදුණුවැව සිට බණ්ඩාරවෙල දක්වා සෑම ස්ථානයකම කළු කොඩි ඔසවා ඇති බව ද වාර්තාවේ.

උමාඔය ව්‍යාපෘතිය අහිතකර ලෙස බලපාන මහජනයාගේ ඉල්ලීම්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top