මුදල් ඇමැති සහ වෙළඳ සංගම් නියෝජිතයන් අතර සාකච්ඡා හමුවක්..

මුදල් ඇමැති වෙළෙඳ සංගම් නියෝජිතයන් හමුවේමුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පළාත් ව්‍යවසායකත්ව මණ්ඩලය යටතේ වන ප්‍රාදේශීය වෙළෙඳ සංගම් නියෝජිත හමුවක් ඊයේ (28) මුදල් අමාත්‍යංශයේ දී පැවැත්විණි.
බදු ගණනය කිරීම සහ බදු ගෙවීම සම්බන්ධයෙන් තමන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී එම නියෝජිතයෝ අඳහස් පළ කළහ. සුළු ව්‍යාපාරිකයන් බදු ගෙවීමේ දී මුහුණදෙන ගැටලුවලට ඉදිරි අයවැය මගින් විසඳුම් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී කියා සිටියේය.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top