විශ්වවිද්‍යාල අයදුම්පත් බාරගැනීම 7 දක්වා කල් යයි

ලබන වසර සදහා විශ්වවිද්‍යාලවලට නවක සිසුන් ඇතුළත් කර ගැනීම පිණිස ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. මෙම කාලය හෙටින් අවසන් වීමටයි නියමිතව තිබුණේ. එය ලබන මස 7 වනදා දක්වා දීර්ඝ කළ බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සදහන් කරන්නේ. කාලය මෙසේ දීර්ඝ කර ඇත්තේ තැපැල් සේවක වර්ජනය හේතුවෙනුයි. මේ අතර  ලබන වසර සදහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ  අයදුම්පත් භාර ගැනීමේ කාලය ද ලබන මස 10 වනදා තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ පියවර ගත්තා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top