උතුරේ නව ඇමැතිවරුන් ලෙස ආනන්දි සහ සර්වේස්වරන් දිවුරුම් දෙති..

පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරු 2 ක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ අද (29) උදෑසන දිවුරුම් දී තිබේ.

ඒ අනුව, උතුරු පළාතේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආචාර්ය කේ. සර්වේෂ්වරන් මහතා සහ උතුරු පළාත් පුනරුත්තාපන සහ වනිතා කටයුතු අමාත්‍යවරිය ලෙස ආනන්දි සසිදරන් මහත්මිය ද දිවුම්රුම් දී තිබේ.

නව ඇමැතිවරුන් ලෙස සර්වේස්වරන් සහ ආනන්දි සසිදරන් යන දෙදෙනා මාස තුනක කාලයක් තාවකාලික ඇමැතිවරුන් ලෙස පත්කර තිබේ. උතුරු පළාත් අමාත්‍යරුවන්ට එරෙහිව කළ දූෂණ චෝදනා පරීක්‍ෂණ කමිටුව විසින් අධ්‍යාපන හා කෘෂිකර්ම කටයුතු අමාත්‍යවරුන්ව ධූරයෙන් ඉවත් කළ යුතු යැයි යෝජනා කර තිබුණි.

ඒ අනුව ඉකුත් අමාත්‍යවරුන්ට තම ධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි මහ ඇමැතිවරයා කළ ඉල්ලීමට අනුව හිටපු අධ්‍යාපන ඇමැති ත.කුරුකුලරාජා සහ හිටපු කෘෂිකර්ම ඇමැති පො. අයියන්කරනේසන් යන දෙදෙනා තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි.



Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top