නිදහස් කරන මයිලිඩ්ඩි වරාය ජනතාවගේ භාවිතාව සඳහා ප්‍රතිසංස්කරණය කළ යුතුයි – ඩග්ලස්

යාපනය වලිගාමම් අධි ආරක්‍ෂක කලාපයතුල පිහිටි මයිලිඩ්ඩි වරාය ජනතා භාවිතාවට සරිලන අයුරින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා නැවැත පදිංචි කිරීමේ අමාත්‍ය ස්වාමිනාදන් මහතා වෙත ඉල්ලා තිබේ.

තවද මයිලිඩ්ඩි වරාය ජනතා අයිතියට ලබාදීමට හමුදාව එකඟවීම ගැන තම ප්‍රසාදය ද පළ කරන බව මන්ත්‍රීවරයා පවසා තිබේ. ලබන ජූලි මස 3වන දා ඉකුත් වරාය ඇතුළු යාබද ඉඩම් නිදහස් කිරීමට හමුදාව එකඟවී තිබේ. එමඟින් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීමට රුකුලක් වනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top