රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

නෙළුව මොරවක මාර්ගයේ 37 කනුව අසලදී සිදු වු රිය අනතුරුකින් 27 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මොරවක දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් පාලනය කර ගත නොහැකිව එය මාර්ගයේ පෙරලී ගොස් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. ත්‍රී රෝද රථයේ පිටුපස ගමන් කළ තවත් අයෙකු අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මේ අතර සපුගස්කන්ද ගල්වල හන්දිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරු පැදියක වේගය පාලනය කර ගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ. අනතුරින් පදික පුද්ගලයා, යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතල තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී පසුපැදිකරු ජීවිතක්ෂයට පත් වූ අතර, අනෙක් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top