බස් ගාස්තු අද සිට ඉහලට

සංශෝධිත නව බස් ගාස්තු අද (1) සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව පෞද්ගලික සහ ලංගම බස් රථවල බස් ගාස්තු මෙන්ම අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද අද සිට සංශෝධනය වේ. රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 10 ක් දක්වා ඉහළ යන බව ජාතික ගමනාගමන කොමිසන් සභාව සඳහන් කළේය.

අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දක්වා බස් ගාස්තුව රුපියල් 530ක් දක්වා වැඩි වී ඇති අතර මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 410ක් දක්වාත්, මහරගම සිට මාතර දක්වා රුපියල් 500ක් දක්වාත්, බස්ගාස්තු වැඩි වී තිබේ. නව සංශෝධනයට අනුව කඩවත සිට ගාල්ලට බස් ගාස්තුව රුපියල් 440ක් වන අතර කඩවත සිට මාතරට බස් ගාස්තුව රුපියල් 540ක් සහ කඩුවෙල සිට ගාල්ලට බස් ගාස්තුව රුපියල් 430ක් වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top