පී.බී අබේකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියෙකු වූ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඔහු මෙලෙස නව ජනාධිපති ලේකම්වරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පෞද්ගලික හේතුවක් නිසා ඔහු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයිද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදී ඇතැයිද වාර්තාවේ. ඔහු ඊයේ (30) පස්වරුවේ තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදී ඇතැයිද වාර්තා වේ.