අන්තරේ හා සිසු කණ්ඩායමක් අතරවූ ගැටුමකින් තුනක් රෝහලට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් හා වෙනත් ශිෂ්‍ය කණ්ඩායමක් අතර  ජයවර්ධනපුර සරසවියේ දී දරුණු ගැටුමක් ඇතිවී තිබෙනවා.

පොලීසිය සඳහන් කරන පරිදි ඊයේ (30) මධ්‍යම  රාත්‍රියේදී  විශ්ව විද්‍යාලයේ පැවති පිරිතක් අතර තුර මෙම ගැටුම හටගෙන ඇති අතර  සිසුන් තිදෙනෙකු තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර තත්වය සමනය කරගැනීම අපහසු වූ බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් පසු පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැදවා සිසුන් විසුරුවා හැර ඇති බවද පොලිසි සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top