විග්නේෂ්වරන් සහ ආනන්දසංකරි අතර හමුවක්

උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා තම පක්‍ෂයේ නායකත්වය භාර ගන්නේ නම් එය පිළිගැනීමට සූදානමින් සිටින බව දෙමළ විමුක්ති සන්ධානයේ ලේකම් වී. ආනන්දසංකරි මහතාා පවසයි.

ඊයේ (30) දින උතුරු පළාත් මහ ඇමැති නිවසේදී පැවැති හමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ආනන්දසංකරි මහතා මේ බව පවසා සිටියේය.

උතුරු පළාත් මහ ඇමැතිවරයාව විවේචනය කිරීමට කිසිවකුට සුදුසුකමක් නැහැ, මෙම හමුව දේශපාලන හමුවක් නොවේ, අපේ පක්‍ෂයේ නායකත්වය භාර ගැනීමට ඔහු කැමැති නම් අපි ඔහුව පිළිගැනීමට සූදානමින් සිටින බව ආනන්දසංකරි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top