රාජගිරියේ පිහිටි සුපිරි වෙළඳ සැළක ගින්නක්..

රාජගිරියේ පිහිටි සුපිරි වෙළඳ සැළක අද (02) අළුයම ගින්නක් හටගෙන අැති බව වාර්තා වේ. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට මූලික පරීක්ෂණ වලදී හෙළිව ඇති බව වාර්තාවේ.

ගින්න වෙළදසැළ පුරා පැතිර ගොස් තිබූ අතර මේ වන විට ගින්න පාලනය කිරීමට කටයුතු කර අැති බව කෝට්ටේ නගර සභාව පවසා තිබේ. ගින්නෙන් වෙළදසැලේ තිබූ භාණ්ඩවලට සහ ගොඩනැගිල්ලට අලාභහානි සිඳුව තිබේ. කෙසේ නමුත් හානිය කොපමණද යන්න මෙතෙක් තක්සේරු කර නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top