රාගම මුදල් කොල්ලය සම්බන්‍ධයෙන් සැකකරුවන් පහක් අත්අඩංගුවට

රාගමදී සිදු වූ රුපියල් ලක්ෂ 78 මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කොල්ලකරුවන් රැගෙන ගිය මුදල්වලින් කොටසක් සොයා ගත් බවයි.

පසුගිය දා කඩවත රෙදිපිළි අළෙවි සලක රුපියල් ලක්ෂ 78 කට අධික මුදලක් වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ගිනිඅවි පෙන්වා රාගමදි එම මුදල් කොල්ල කා පලා ගොස් තිබිණ.

කොල්ලකරුවන් වෑන් රථයේ ටයර්වලට ද වෙඩි තබා පලාගොස් තිබු බව පොලීසිය සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top