උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුව ඇති විපතට ස්‍ථිර විසඳුමක් අවශ්‍යයි – සමන්ත විද්‍යාරත්න

උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුව ඇති විපත සම්බන්ධයෙන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තමන්ගේ ප්‍රශ්නවලට ලැබුණේ ක්ෂනික පිළිතුරු බවත් තම ජනතාවට අවශ්‍ය සෘජු පිළිතුරු බවත් බදුල්ලේ දී ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පවසා තිබේ.

“පසුගියදා ජනපතිවරයා එක්ක පැය 1යි විනාඩි 50ක සාකච්ඡාවක් තිබුණා. ඉන් අපට පැය එක හමාරක්ම කතා කරන්න දුන්නා. ජනපතිවරයා නිශ්ශබ්දව ඇහුම්කන් දුන්නා. එතුමා කිව්වා මමත් ඉන්නේ ඔය පැත්තේ කියලා. එහෙනම් මේ පැත්තේ ඇවිත් යන්න කියලා අපි කිව්වා. නොර්වේ තාක්ෂණික නිලධාරීන් අගෝස්තු 01 වැනි දා එනවා කිව්වා . හැමදේම අපි ඇන ඇන කියන්න ඕනෑ. තාක්ෂණය ගේන්න කියලා. මධ්‍යම කඳුකරයේ මළගම වළලන්න කළින් එන්න. නාය ගියාට පසුව හාල් පොල් අරන් කැමරා අරන් මළ ගෙදරට ඇවිත් මාධ්‍ය සංදර්ශන තියන්න එන්න එපා.“

“තව කිලෝමීටර් පහක් උමග හාරන්න ඕන. ඒක බරපතල තත්ත්වයක්. අපි ජනපතිතුමාට වැඳලා කිව්වා ඒ කිලෝමීටර් පහ යන්න එපා කියලා. ආයේ අපිට කියන්න දෙයක් නෑ. තුන්වෙනි පාරට අපි කියන්න යන්නෙත් නැහැ.“ යයිද සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top