ගෝඨාභයගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා තමා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඊයේ(07) මහනුවරදී මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව තමාව අත්අඩංගුවට ගත් බවට ගෝඨාභය රාපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

එවැනි කිසිඳු ප්‍රකාශයක් තමා විසින් සිදුකර නොමැති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top