විද්‍යා ඝාතන නඩුවට සම්බන්‍ධ පොලිස් නිළධාරියෙකු ඉන්දියාවට පලා යෑමේ උත්සහයක්!

යාපනය, පුන්කුඩුතිව් ශිවලෝගනාදන් විද්‍යාගේ ඝාතනයට සම්බන්‍ධ උප පොලීස් පරීක්‍ෂවරයෙකු විදෙස් ගතවීට උත්සහ කළ අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අපරාධ මර්ධන පොලීසිය විසින් ආපසු හරවා යවා තිබේ.

වැල්වටිතුරයි පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්‍ෂකයෙකු ලෙස සේවය කළ ශ්‍රී ගජන් නැමැති දෙමළ ජාතික පොලිස් නිළධාරියාව මෙලෙස ආපසු හරවා යවා ඇති බව වාර්තාවේ. ඔහු පොලිස් මූලස්ථානයෙන් නිසි අවසරයක් නොගෙන මෙලෙස ඉන්දියාවට යෑමට උත්සහ කර තිබේ. මේ අතර, ඔහු පුන්කුඩුතිව් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ හෙයින් ඔහුව ආපසු හරවා යැවූ බවට පොලිස් මාධ්‍ය අංශය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top