බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදීම ගැන දෙමළ පක්‍ෂ ඇතුළු කිසිම පාර්ශවයක් විරෝධය පළ කර නැහැ

බුදු දහමට හිමි ප්‍රමුඛත්වය නොදීමට කටයුතු කරන බවට සිදුකරන චෝදනවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් මහතා පවසයි.

බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති තැන වෙනස් කිරීමට කිසිවිටෙකත් කටයුතු කරන්නේ නැති බවත් එමෙන්ම බුදුදහමට හිමි තැන අහිමි කිරීමට ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවටත් යෝජනාවක් ඉදිරිපත්ව නැති බවද හෙතෙම පවසා තිබේ.

බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදීම ගැන දෙමළ දේශපාලන පක්‍ෂ ඇතුළු කිසිඳු පාර්ශවයක් විරුද්ධත්වය පළ කර නැති බවත්, අනෙකුත් ආගම් ඇඳහීමට ඇති අයිතිය තහවුරු කළ යුතු යැයි ඉල්ලා සිටින බවද හෙතෙම පවසා තිබේ.

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙකු වන එම් එම් රාසික් මහතා රචනා කළ ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. අමාත්‍ය කබීර් හෂීම් මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top