ලබන 15වනදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ලබන 15 වන දා සෙනසුරාදා පස්වරු 2 සිට පසුදා අලුයම 2 දක්වා පැය 12ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කොටහේන, මට්ටක්කුළිය, ග්‍රෑන්ඩ්පාස් හා තොටළග යන ප්‍රදේශවලටයි මෙසේ ජල සැපයුම අත්හිටුවන්නේ. ඊට හේතුව  අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජල මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් බවයි ජල සම්පාදන මණ්ඩලය තවදුරටත් පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top