

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකත්වය උපුල් තරංගට සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙසට දිනේෂ් චන්දිමාල් පත්කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.
අද (12) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති තිලංග සුමතිපාල මහතා විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
එමෙන් ම ඇන්ජෙලෝ මැතිව්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව මාධ්‍ය හමුවේ දැනුම් දෙමින් කියා සිටියේ තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට ලද අවස්ථාව පිලිබඳ ඉතා සතුටු වන බවත් එමෙන්ම මේනවිට කණ්ඩායම ලබා ඇති පසුබෑම සුළුකොට තැකිය නොහැකි බවය.