මුස්ලිම් ජනතාවගේ ගැටළු ගැන බෙන් එමර්සන්ට වාර්තාවක් ඉදිරිපත් කෙරේ!

මෙරට මුස්ලිම් ජනතාව මුහුණ දෙමින් සිටින ගැටළු සම්බන්‍ධයෙන් මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ (11) දින බෙන් එමර්සන් මහතා හමුවූ නීතිඥවරුන් කණ්ඩායමක් විසින් මෙරට මුස්ලිම්වරුන්ට එරෙහිව මෑත කාලය තුළ සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එහිදී වැදගත් කරුණු රැසක් සම්බන්‍ධයෙන් සාකච්ඡා කළ බව පැවැසේ.

බොදු බල සේනාව නැමැති සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුකරන ක්‍රියාවන්, මේ සම්බන්‍ධයෙන් පොලිසිය වෙනස් ආකාරයකින් කටයුතු කිරීම, මේ පිළිබද පොලිසියට කළ පැමිණිළි, අධිකරණයේ ගොනු කර ඇති නඩු ඇතුළු වැදගත් සාක්‍ෂි සහිත තොරතුරු ඇතුලත් වාර්තාවක් බෙන් එමර්සන් මහතා වෙත භාරදී ති‍ෙ

දින 45ක් තුළ මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා 25ක් වාර්තාවී තිබේ. කෙසේ නමුත් මේ සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 5 දෙනෙකු පමණි. අධිකරණය තුළද නීතිය සෙවීමට සිදුව තිබේ. නීතිය සියළු දෙනාටම සමානව බලපැවැත්වීමට කටයුතු කළ යුතු බව බෙන් එමර්සන් මහතා වෙත පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top