උතුර නැගෙනහිර වෙසන කඳුරට ජනතාවගේ සංගමය විසින් සම්බන්‍ධන්ට සන්දේශයක්

ප්‍රදේශවාදී වෛරි සහගත ප්‍රකාශ දැඩි ලෙස හෙලා දැකින බවට උතුර නැගෙනහිර වෙසන කඳුරට ජනතාවගේ සංගමය විසින් විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා වෙත සන්දේශයක් භාරදී තිබේ.

පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතාගේ වෛරී සහගත ප්‍රදේශවාදී ප්‍රකාශය දැඩි ලෙස හෙලාදකින බවත්, ඔහු මෙරට ජීවත් වන කදුකර ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු යැයි උතුර නැගෙනහිර ජීවත් වන කදුරට ජනතා සංගමය විසින් සම්බන්‍ධන් මහතා වෙත සන්දේශයක් භාරදී තිබේ.

අද දින කිලිනොච්චියේ සංචාරයක නිරතවූ සම්බන්‍ධන් මහතාව කිලිනොච්චිය සමූපකාර ශාලාවේදී හමුවූ ඉකුත් සංගමයේ නියෝජියන් මෙම සන්දේශය භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top