ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 1340ක ආධාරයක්

ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 1340ක ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර තිබේ. මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් එය ලබාදීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ලෝක බැංකු සාමාජික ආයතන වන ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සදහා වන ජාත්‍යන්තර බැංකුව සහ ජාත්‍යන්තර සංවර්ධන සංගමය වාර්ෂිකව ඩොලර් මිලියන 300 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.

මෙම ආධාරය යටතේ මීට පෙර ලැබුණේ ඩොලර් මිලියන 660ක් පමණයි. එහෙත් මෙවර ඇමෙරිකා ඩොලර් මිලියන 1340ක ආධාර ලබාදීමට තීරණය කර තිබේ. අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා වන අධ්‍යක්ෂිකා ඉදා රිඩ්ඩිහෝ මෙනවිය සමග පැවති සාකච්ඡාවලින් පසු මෙම අධාරය ලබාදීමට එකඟවී ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top