අධ්‍යාපන අමාත්‍යංශය විසින් වාර්ෂිකව පවත්වන ජාතික දෙමළ භාෂා දිනය මෙවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය හින්දු විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
මේ සඳහා වූ වැඩ කටයුතු අධ්‍යාපන රාජ්‍ය ඇමැති වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා විසින් ක්‍රියාත්මක වේ. උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ සමඟ එක්වී සිදුකරන මෙම වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධ සාකච්ඡා හමුවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණි. එම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ඇමැති රාධාක්‍රිෂ්ණන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාරණ, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍රන් , මධ්‍යම හා උතුරු පළාත් අතිරේක අධ්‍යාපන අධ්යක්ෂවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගිවූහ.

