ඉන්දිය ධීවර යාත්‍රා නිදහස් කරන්නැයි යාපනය අධිකරණයෙන් නියෝග

ශ්‍රී ලංකාව බාරයේ පවතින ඉන්දීය යාත්‍රා 42ක් මුදාහරින ලෙස යාපනය අධිකරණය නියෝග කර තිබේ. මානුෂිකත්වය යටතේ මෙලෙස ධීවර යාත්‍රා නිදහස් කරන බව අධිකරණය ප්‍රකාශ කර තිබේ.

2015 පෙබරවාරි 26 සිට නොවැම්බර් 10 දක්වා අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා මෙලෙස මුදාහරින ලෙස නියෝග කර තිබේ. ඒ අනුව මේ මස 17 දින එම යාත්‍රා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් වෙත මුදාහරිනු ඇත.

මෙම ධීවර යාත්‍රාවන් තමිල්නාඩු නාකයි, රාමනාදපුරම්, තූතුකුඩි, පුදුක්කෝට්ටයි යන දිස්ත්‍රික්කවලට ධීවරයන්ට අයත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top