ලක්‍ෂ 60කට වැඩි වටිනාකමින් යුත් ව්‍යාජ රත්‍රන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 60කට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාජ රත්‍රන් ගුලි 3,000ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සූරියවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මෙම රත්‍රන් අලෙවි කිරීමට උත්සාහ කළ අවස්ථාවේ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

සූරියවැව පොලිසිය උපාය ධූතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර තිබෙන අතර, සැකකරුවන් අනුරාධපුර සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලිසිය සඳහන් කරයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී මෙලෙස වංචා සහගත ලෙස රත්‍රන් අලෙවි කිරීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ මෙම රත්‍රන් නිධානයකින් ගත් ඒවා බවයි. සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top