ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට

nadesanවත්කම් උපයා ගැනීම පිළිබද කරුණු දක්වා නෙසිටීම සහ වත්කම් අලෙවියේදී අක්‍රමිකතා සිදුකිරීම යන චෝදනා එල්ල කරමින් බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරියක වන නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් මහතා අද (17) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියූ මල්වානේ පිහිටි ඉඩම සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණ කටයුතුවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමෙන් අනතුරුව ඉකුත් ඉඩම මිලදී ගැනීමට වත්කම් උපයා ගැනීම සිදුකළ අයුරු පෙන්වාදීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද නඩේෂන් මහතා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top