දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට

දිවයිනේ ප්‍රදේශ දෙකක සිඳුවූ දුම්රිය අනතුරුවලින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. ඊයේ රාත්‍රියේ වාද්දුව මහවත්ත ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර, බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී තවත් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තාවේ.

මේ අතර, කැළණිය දුම්රිය ස්ථානයට අසල නුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට ගැටී තවත් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top