බැඳුම්කර කොමිසමේ කාලය දිර්ඝ කරන්නැයි ඉල්ලීමක්

බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීමේදී නොසිතූ අන්දමින් හෙළි වු විවිධ තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හා සාක්කි විමසීමට සිදුවීම නිසා කොමිසමේ කටයුතු බලාපොරොත්තු වු කාලයේදී අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් එම කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන ලෙස කොමිසමේ සාමාජිකයන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට ඇතැයි වාර්තා වේ.

2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කෙරිණි.

එහි නිල කාලය පසුගිය අප්‍රේල් 27 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබු අතර නියමිත කාලයේදී කොමිසමේ කටයුතු අවසන් කරගැනීමට නොහැකි වීම හේතුවෙන් කොමිසමේ නිල කාලය මාස තුනකින් දීර්ඝ කරන්නැයි කළ ඉල්ලීමකට ජනාධිපතිවරයා අවසර දීම හේතුවෙන් එහි කාලය ලබන 27 වැනිදා තෙක් දීර්ඝ කරන ලදී.

කෙසේ නමත් උක්ත ඉල්ලීම අනුව ලබන 27 වැනිදා සිට තවත් මාස තුණක කාලයක් මෙම කොමිසමේ කාලය දීර්ඝ වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top