රජයේ මිනින්දොරු සංගමයේ වර්ජනය අඛණ්ඩව

තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි.

සිය සේවා ඉල්ලීම් 06 ක් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස බලකරමින් රජයේ මිනින්දෝරු සංගමය වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ අතර අදාළ ගැටළු වලට විසදුම් ලබා දීම සදහා යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඊයේ (18) දිනය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට ඉඩම් අමාත්‍යවරයා විසින් පොරොන්දු විය.

නමුත් එවැනි කැබිනට් පත්‍රිකාවක් ඊයේ දිනය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවු නිසා සිය වර්ජනය ඉදිරියට පවත්වාගෙන යන බව රජයේ මිනින්දෝරු සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top