ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් – රුසියානු ජනාධිපති

puttin පුටින්ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ ගෝවා නගරයේදී ඊයේ රාත්‍රී දෙරටේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත් වුණි.

එහිදී ජනාධිපති ව්ලැද්මියර් පුටින් ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින පරිවර්ථනය පිළිබඳ සතුටු වන බව ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂි ජිං පිංග් මහතා අතර ද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 60ක් පිරිම නිමිත්තෙන් සංවිධානය කෙරෙන උත්සවය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top